Friday, July 20, 2012

php සහ MySQL Database Connection








අද මම කියලා දෙන්න යන්නෙ සරලව php යොදා ගෙන MySQL Database Connection 

සකසන ආකාරයයි.

මේ සදහා ඔබගේ පරිගණකයේ Wamp Server Install කර තිබිය යුතුය. 

එසේ නොමැතිනම් Wamp Server Install කර ගන්න. 

(‍XAMPP Server මගින්ද මෙය නිර්මනය කර ගන්න පුලුවන්.)

Form එක නිර්මානය කිරිමට මම Notepad++ යොදා ගනු ලබනවා.

Notepad++ විය යුතුම නැහැ, ඔබට පුලුවන් මේ සඳහා වෙනත් Software බාවිතා කරන්න.(Adobe Dreamweaver)

මූලිකවම මෙහිදි උස්සාහ දරන්නේ php Form එකක් MySQL Database එකට Connect කිරිමයි.





 එම නිසා මේ සඳහා සරල Code බාවිතා කරමින් කාටත් තේරුම් ගැනීමට හැකි වනසේ මෙය ඉදිරිපත් කිරිමට බලා පොරොත්තු වෙනවා.අපි එහෙනම් බලමු පලමු පියවර විදියට Form එක සදා ගන්නා අයුරු.Form එක නිර්මානය කිරිම සඳහා පහත යොදා ඇති Code එක බාවිතා කරන්න.


(1.1 රූපය)
(Photo විශාල කර බැලීම සඳහා එය මත Click කරන්න.) 
Notepad එක ඔපෙන් කරගේන ඉහත රූපයේ පෙනෙන ආකාරට
Code කර ගන්න.

1 =  තමන් කැමති නමක් ලබා දෙන්න පුලුවන්.

2සඳහා ලබා දිය යුත්තේ,  MySQL Database එකට 
      Connection ලබා දෙන php page එක Save කරන නම.
      (php page එක සදා ගන්නා අකාරය පහත 
       විස්තර කර ඇත.)
      මෙ සදාහා කැමති නමක් දෙන්න පුලුවන්.

3 = මෙ සදහාත් කැමති නමක් යේදීමට හැක.

4 = Text Box වල නම් මෙය වේ. මේ සඳහා යොදන නම් php 
      page එකටත් මෙ ආකාරයටම යෙදිය යුතුය.

5 = Form එකේහි Button එක සඳහා යොදනු ලබන නම
      (මෙම අවස්ථාවෙදි මෙම නම් මේ ආකාරයටම ආකාරයටම 
      තිබෙන්න දෙන්න . එය ඔබට එය පහසු වෙනු ඇත).   



<html>
<head>
<title>Student Information</title>
</head>
<body>
<form action="connection.php" method="post">
Student ID: <input type="text" name="Student_Id" />
Full Name: <input type="text" name="Full_Name" />
Age: <input type="text" name="Age"/>
Phone No: <input type="text" name="Phone_No" />
<input type="submit" value="Submit"/>
</form>
</body>
</html> 

මේ ආකාරයට Code කර ගැනීමන් අනතුරුව, Wamp Server හි www Foder එක ඇතුලේ PHP නමින්(තමන් කැමතින් නමකින්) Folder යක් සාදා ගන්න.ඉන් පසු Wamp Server  හි www Folder එක තුල අප සාදා ගත් Form එක index.html නමින් Save කර ගන්න.එසේ Save කර ගැනීමෙන් පසුව
(1.2 රූපය)

Task bar හි wamp server Icon මත Click කර localhost ලබා දෙන්න. එසේ නැතිනම් Web Browser යෙහි Address bar හි localhost යනුවෙන් Type කර Enter ලබා දේන්න.


Wamp Server ක්‍රියාත්මක කිරිමේ දි ඔබෙ පරිගනකයේ Skype ක්‍රියා කරමින් පවතිනවනම් එය නවතා දැමිය යුතුය.


(1.3 රූපය)

ඉහත පෙන්නුම් කරන PHP Folder එක ඔපේන් කරන්න. එවිට ඔබේ Form එක ඔපෙන් වේනු ඇත.

මේ වෙන විට Form එකෙහි වැද කටයුතු අවසන්.මීලගට කල යුත්තේ Database එක නිර්මනය කර ගැනීමයි.

(1.4 රූපය)

ඒ සදහා රූපයේ පෙනේන ආකාරයට phpMyAdmin ලබා දේන්න.

(1.5 රූපය)

දැන් phpMyAdmin ඕපන් වී ඇත. ඉන්පසුව 1.3 රූපයේන් පෙනන ආකාරයට Database මත Click ලකරන්න.

(1.6 රූපය)

Number 2 කට Database Name ලබා දෙන්න. ඉන්පසු Create Click කරන්න.Database Name = student ලබා දෙන්න.


(1.7 රූපය)
Database name මත Click කරන්න.


(1.8 රූපය)

මෙහි 5 ස් වෙනි ස්තානයට Table Name ලබා දෙන්න.

Table Name = student_info 

ලබා දෙන්න.ඉන්පසුව Table එක සඳහා යෙදීමට බලා පොරොත්තු වෙන Columns ගනන 6 වෙනි තැනට ලබා දෙන්න.

Columns = 4

 (1.9 රූපය)

ඉන්පසුව Go Click කරන්න. ඉන්පසුව ඔපෙන් වන වින්ඩොව් එක පහත ඇත.


(1.10රූපය)

1.10 රූපයේන් පෙනෙන ආකාරයට තොරතුරු ඇතුලත් කරන්න.

(2.1 රූපය)

student_1d 2.1 රූපයේ පෙනෙන ආකාරයට සඳහා Primary තෝරා දෙන්න.ඉන්පසු පහත තිබේන Save Click කරන්න.

මේ වෙන විට Database එක නිර්මානය කර අවසන්.මීලගට තියේන්නේ php page එක සාදා ගැනීම.එ සදහා අලුත් Notepade එකක් ඔපෙන් කරගෙන පහත ඇති ආකාරයට Code කර ගන්න.

1 = දැක්වෙන්නේ Host name එකය. මේ සඳහා Wamp Server Install කිරිමෙදි                    SMTP ස්ථානයට ලබා දුන් නම මෙම ස්තානයට ලබා දෙන්න.
2 = මෙහින් දැක්වෙන්නේ User name එකයි. wamp server install විමේදි      එයට අතුලත් වෙන User name එක වෙනුයේ root යන්න වේ.           මේ සඳහා එය අතුලත් කරන්න.
3 = මේ සඳහා අතුලත් කල යුත්තේ Password එක වේ. Wamp Server Install වීමේදි      Password එකක් අතුලත් නොවේ. එම නිසා මේ සදහා Password එකක් අතුලත් කල      යුතු නොවේ.
4 = MySQL Database එකත් සමග php page එක Connect උනේ නැති ඌහොත් එවිට      පෙන්නුම් කරන error Massage එක මෙය වේ.
5 = මේය සඳහා ලබා දිය යුත්තේ MySQL මගින් සාදා ගත් Database එකෙහි නමය.      (ඉහත 1.6 රූපයේ Number 2 සඳහා ලබ දුන් නම.)
6 = මෙයට ලබා දිය යුත්තේ සාදා ගත් Database එකෙහි Table එක සඳහා යොදු නම.      (ඉහත 1.9 රූපයේ Number 5 සඳහා ලබ දුන් නම.) 
7 = මෙයට අතුලත් කල යුත්තේ Table එකේ Colamns වලට ලබා දුන් නම්ය.      (ඉහත 1.10 රූපයේ Number 8,9,10,11 සඳහා ලබ දුන් නම්.)
8 = Form එක්හි Text Box සඳහා ලබා දුන් නමි මේ සඳහා අතුලත් කල යුතුය.      (ඉහත 1.1 රූපයේ Number 4 සඳහා ලබ දුන් නම්.) 
9 = සියලු දේ නිවරදිව ක්‍රියා කරන්නම් Form එක සඳහා තොරතුරු අතුලත් කර Submit      Button click කල පසුව මේම එක Masswage පෙන්නුම් කල යුතුය.

<?php
$con = mysql_connect("localhost","root","");
if (!$con)
  {
  die('Could not connect: ' . mysql_error());
  }
mysql_select_db("student", $con);
$sql="INSERT INTO student_info(student_id,full_name,age,phone_no)
VALUES
('$_POST[Student_Id]','$_POST[Full_Name]','$_POST[Age]','$_POST[Phone_No]')";
if (!mysql_query($sql,$con))
  {
  die('Error: ' . mysql_error());
  }
echo "1 record added";
mysql_close($con);
?>

මේ ආකාරයට Code කර ගැනීමෙන් අනතුරුව, Wamp Server හි PHP Folder එක අතුලේ connection.php නමින් Save කර ගන්න. මේ වෙන විට connection.php page එකද නිර්මනය කර අවසානයි. ඉන්පසුව කල යුත්තේ

(2.2 රූපය)

2.2 රූපයේ ආකාරයට localhost වෙත යන්න. ඉන්පසුව Form එක ඔපෙන් කර ගන්න.


(2.3 රූපය)

දැන් පැමින තියේන්නේ අවසන් අදියරට. Form එකට තෝරතුරු ඇතුලත් කර Submit Button එක Click කරන්න.එවිට පහත රූපයේ ආකාරයට ඔබගේ Browser හි දැක ගන්න පුලුවන්.

 ඉන්පසුව ඔබ ඇතුලත් කල තොරතුරු Database එකේ Save ඇත් දැයි බලන්න.





student_info click කරන්න.

මේ ආකාරයට Save වී ඇතිනම් ඔබ සියලු දේ නිවරදිව කර ඇත. Save වී නැතිනම් නැවත බලන්න කොතනක හො දේයක් ඔබට මග හැරි ඇත.

____________ ඔබට සුභ දවසක් ____________


ගැටලුවක් වෙතොත් Comment මගින් ඉදිරිපත් කරන්න.
මේ පිලිබදව ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න.
ඔබගේ අදහස් ඉතා අගය කොට සලකනවා.




8 comments:

  1. good and more helpful ...........

    ReplyDelete
  2. Nice Work Machan... Goood Blog... Keep it UP

    ReplyDelete
  3. good post machan....
    mata danaganna puluwan da...
    index.html file eke checkboxes tiyenawa nam ewa ape sql database ekata add karanne kohomada? kiyala(user checkbox ekakata wada select kalahama...)

    ReplyDelete